(අමදෝරැ අමරජීව)

ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හා නාවික හමුදා වෙරළාරක්ෂක බලකායේ පිරිසක් සමත් වූහ.

දිය නාමින් සිටි පිරිස අතර දියවැලට හසුව ගසාගෙන යන කිහිප දෙනකු කෑ ගැසීමත් සමග ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂකයන් හා නාවික වෙරළාරක්ෂකයන් මෙම පිරිස බේරාගෙන ගොඩබිමට රැගෙන විත් මූලික ප්‍රතිකාර ලබාදී පස්දෙනකු ප්‍රකෘති තත්ත්වයට පත්කළ අතර සිහි මුර්ජාවී සිටී දෙදෙනකු 1990 ගිලන් රථ සේවයෙන් නිලාවේලි රෝහලට කරා යැවීමට කටයුතු කර තිබුණි.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ජයවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ සැරයන් (38935) ප්‍රසන්න කොස්තාපල්වරුන් වන (84616) සිසිර (100113) ගුණවර්ධන නාවික හමුදා වෙරළාරක්ෂක බලකායේ නාවික නැවියන් වන (XX85419) සෙනෙවිරත්න සහ (XX 82902) ආරියසේන යන අය මෙලෙස මෙම පිරිස බේරාගෙන තිබුණි.

බේරාගත් පිරිස වරකපොළ , තෝලන්ගමුව සහ අඹේපුස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම පිරිස එකම වන්දනා නඩයක් වන අතර නිවාඩු දිනයක් වූ නිසා සංචාරයට පැමිණ මෙලෙස දියනාද්දී මෙම අනතුර සිදුවී තිබේ.